Monday, February 22, 2016

දුරකථනය සහ පිය පදවිය උගසට තැබීම.

නවතම පර්යේෂණ වාර්තා වලට අනුව පැයක කාලයක් ඔබේ දුරකථනය කලිසම් සාක්කුවේ තබා ගැනීම පවා සැලකිය යුතු ප්‍රමාණයකින් ඔබේ ශුක්‍රාණු වල සරු බව අඩු කරන බව?

මෙම පරයේෂණ පත්‍රිකාවට අනුව පිරිමි ලිංගික අවයවයට ආසන්නයේ දුරකථනය පැවතීම ඉතාමත් අවදානම් බවත් පරයේෂණයට සහභාගී වූ අයගෙන් 47% මෙය ඉතාමත් සැලකියුතු ප්‍රමාණයකට බලපා ඇති බවත් පරයේෂණ කණ්ඩායම පවසා ඇත.

මෙම පර්යේෂණ කණ්ඩාම සාමාජිකයෙකු වන Technion University in Haifa විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Martha Dirnfeld පවසන අන්දමට මෙයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ දුරකථනය මගින් ඇති කරන විද්‍යුත් චුම්බකත්වය නිසා ශුක්‍රාණුවල උෂ්ණත්වය ඉහල යන බවයි.
මෙයට පිලියමක් ලෙස පවසන්නේ දුරකථන හැකි තරම් අඩුවෙන් භාවිතා කිරීමත්, එසේ නොහැකි නම් කමිස සාක්කුවේ දුරකථනය තබා ගන්නා ලෙසත්ය.





අදාළ පරයේෂණ පත්‍රිකාව http://www.rbmojournal.com/article/S1472-6483(15)00300-4/fulltext

No comments:

Post a Comment