Thursday, February 4, 2016

Spain Student Visa ගන්නේ කොහොමද? (Part one - Sinhala medium)

ඔයා මේක කියවන්න හදනවා කියන්නේ අනිවරෙන්ම Spain University එකකට select වෙලා දැන් Student Visa හදාගන්න විස්තර හොයනවා ඇති.......

ඔයා වගේම මමත් ලංකාවේ කෙනෙක්ට Spain Visa apply කරන්නේ කොහොමද කියල හොයල බැලුවට කිසිම දෙයක් හොයා ගන්න බැරි වෙච්ච නිසා.....මට හැමදේම හොයාගෙන ඒ වැඩේ කරගන්න වුණා.එත් මට වෙච්ච වැඩේ ඔයාට නොවෙන්න ඕනි නිසයි,මම මේ දේ ලියන්න හිතුවේ....

Student Visa apply කරන්න අවශ්‍ය කරන documents ටික හදා ගන්න වැඩේ ටික කාලයක් යන දෙයක් නිසා අඩුම තරමින් තමන්ට Universtiy යන්න මාස 3ක් වත් තියෙද්දී මේ වැඩේ පටන් ගන්න වෙනවා.මේක නිකන් Marathon එකක් දුවනවා වගේ වැඩක්,මහන්සිය දැනේවි,වෙලාවකට එපා වෙන්නත් පුළුවන්, එත් අතහරින්න එපා. මෙච්චර දුරක් ආවා වගේ ඉතිරි ටිකත් යමු. මේ හැමදේම කරන්නේ හොද තැනකට එන්න නේ....

අපි මෙතැනදී කතා කරන්නේ Long stay student visa ගැනයි. ඒ කියන්න මාස 6කට වැඩ වැඩි කාලයක් ඔයා studies වලට Spain වල ඉන්නවා නම් ගන්න ඕනි visa එක ගැනයි.

මුලින්ම කියන්නම් ලංකාවේ Spain Embassy එකක් නැ. අපේ වැඩේ කර ගන්න අපිට New Delhi යන්න වෙන්නවා දෙපාරක්ම. පළවෙනි පාර යන්න ඕනි application එක submit කරන්න. දෙවෙනි පර යන්න වෙන්නේ visa ලැබුනම passport එකේ seal එක ගහ ගන්න.

ඔයා මුලින්ම කරන්න ඕනි..Police Clearance report එකට apply කරන එක.මොකද එක ලැබෙන්න මාස  එක හමාරක් විතර යන නිසා. පහල තියෙන link එකෙන් අදාල තොරතුරු ලබා ගන්න පුළුවන් application එකත් එක්කම.මතක තියාගන්න මේ application එකේ 23 වෙනි කොටසට ඔයා ලියන්න ඕනි "Embassy of Spain in New Delhi" වල address එක.දැනට තියෙන address එක ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන් නිසා මම  දාන්නේ නැ. පොඩ්ඩක් බලල දාන්න.
http://www.police.lk/index.php/permits/91-application-for-clearence-certificate

ඊළගට කරන්න තියෙන්නේ ඔයාගේ Degree certificate එකයි Transcript එකයි legalize කර ගන්න එක.මෙතැනදී ඔයා මුලින්ම original වල photocopy අරගෙන, ඒවා ඔයාගේ university එකේ exam සම්බන්ධ Asst. Registrar ගෙන් true copy කරගන්න.

ඒ වගේම ඔයා medical certificate එකක් ගන්න ඕනි ඔයාට ප්‍රශ්ණයක් නැ කියල. මේක ගන්නකොට ලංකාවේ ප්‍රසිද්ධ hospital එකකින් ගන්න මතක තියා ගන්න. Doctor ට කියන්න පහත තියෙන කොටසත් දාන්න කියල.
"The applicant is not suffering from any disease that can have repercussions any on the public health in accordance with the International Sanitary Act 2005".
මේ certificate එක ගත්තට පස්සේ ඔයා යන්න ඕනි '' ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට''. එතනට ගිහින් medical certificate එක සහතික කර ගන්න.

ඔයාගේ අධ්‍යාපන කටයුතු කරන කලේ ඔයාට සල්ලි දෙනවා කියලා ඔයාගේ දෙමාපියන්ගෙන් හරි දෙන්නාගෙන් 1ක් ගෙන් ලියුමක් ඕනි වෙනවා නේ. අපි කියන්නේ sponsor letter කියල. ඒ ලියුම දෙන කෙනාගේ (දෙන්නම එකතු වෙලා නම් දෙන්නේ,දෙන්නගෙම හරිද ) passport එකේ details තියන පිටුවේ photocopy එකයි ඔයාගේ passport එකේ photocopy එකයි ගන්නත් ඕනි.

ඊළඟට කරන්න ඕනි දේවල් මම ඊළඟ post එකේ දාන්නම්. නැවත හමු වෙමු.


No comments:

Post a Comment